සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මේ වන විට මෙරට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සාර්ථක අදියරකට පැමිණ ඇති බවයි.
ලෝකයේ ඇතැම් දියුණු රටවල්වල පවා වයස්ගත පුරවැසියන් සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප වූ තත්ත්වයක දී ශ්‍රී ලංකාව තුළ වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවදානයක් ලබා දෙමින් ඔවුන් ආරක්ෂා කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ජාතික මෙන් ම ජාත්‍යන්තර සහය ද මෙරට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලැබූණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාවේ දී යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සඳහන් කළේ මනා සංවිධානාත්මක හා කළමනාකරණයකින් යුක්තව මෙරට කොවිඩ් පාලනය සිදුකර ඇති බවත් මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ද සාර්ථක බව ඔප්පු කිරීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ද ඒ මහතා සඳහන් කර ඇත.