මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරන පරිදි මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යි.
ඒ අනුව මෙරට ග්‍රාම සේවා වසම් 14,021කටම සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම භේදයකින් තොරව රු.මි.3 බැගින් වෙන් කරන බව ද සදහන් වේ.
එමෙන්ම කුඩාම පළාත් පාලන ආයතන ඒකකය වන කොට්ඨාස 4,917ක් මෙරට තුළ පවතින අතර ඒ සෑම කොට්ඨාසයක් සදහාම රු.මිලියන 04 බැගින් ලබා දීමද මේ ඔස්සේ සිදුවන බව මුදල් අමාත්‍යවරයා සදහන් කර ඇත.
ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම රු.මිලියන 15 බැගින් රුපියල් බිලියන 3,375ක මුදලක් සංවර්ධන මූල්‍ය ප්‍රතිපාදන ලෙස හිමිවන බවද සඳහන් කර ඇත.