රජරට සරසවි සිසුන්ගේ ලැප්ටොප් සොරකමක් .

රජරට විශ්ව විද්‍යාලයේ දුටුගැමුණු සහ පංඩුල පිරිමි නේවාසිකාගාර දෙක තුළ තිබී රුපියල් ලක්ෂ අටකට වඩා වටිනාකමකින් යුතු ලැප්ටොප් පරිගණක 5ක් පසුගිය හත් වැනිදා සහ අට වැනිදා යන දිනයන්හිදී කිසිවෙකු විසින් සොරා ගෙන තිබූ අතර මේ පිළිබදව සිසුන් විසින්  පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මෙම දිනවල රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් සදහා අවසන් විභාගය පැවත්වෙන හෙයින් සිසුන් සිය කාමර වසා නොගොස් ඇති අතර එම අවස්ථාවේ දී මෙම සොරකම සිදු කර ඇතැයි මිහින්තලය පොලීසිය ප්‍රකාශ කරයි.සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව සදහන් කරයි.

Exit mobile version