බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (29) පැවති පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළේ විදේශ විනිමය අර්බුදය හමුවේ රට තුළ කිසිවිටෙකත් විදුලි කප්පාදුවක් සිදු වීමට ඉඩ නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර ඇත.
අද (29) දිනයේ දී අයවැය කාරක සභා විවාදය 06 වන දිනටත් පැවැත්වෙන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශවල වැය ශීර්ෂය මෙහි දී විවාදයට ගෙන ඇත.