යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ තවමත් රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පවතින බැවින් ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතු බවයි.
ජනතාව ඉදිරියටත් කල්පනාකාරීව කටයුතු නොකරන්නේ නම් රට තුළ නැවතත් පෙර පැවති තත්ත්වයට වඩා වැඩි කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.
යුද හමුදාපතිවරයා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද (01) උදෑසන රණවිරුවන්ට බූස්ටර් එන්නත ලබා දීමේ වැඩසටහනට සම්බන්ධ වෙමින් මෙම අදහස් දක්වා ඇත.
රටේ ජනතාව කරන ලද විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් වශයෙන් මේ තත්ත්වයට හෝ වසංගතය පාලනය කරගැනීමට හැකියාව ලැබුණු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
ඊයේ (31) දිනයේ දී පළාත් අතර සංචරණ සීමා ඉවත් කළද එයින් කිසිවිටෙකත් කොවිඩ් රටෙන් ඉවත් වූ බවක් නොපැවසෙන බැවින් ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කිරීම සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන් පිළිපැදීම කළයුතු බව ද යුද හමුදාපතිවරයා එහිදි සඳහන් කර ඇත.