රට තුළ තිබෙන්නේ තාවකාලික ඉන්ධන හිඟයක් පමණයි – උදය ගම්මන්පිල

දිවයින පුරා ප්‍රදේශ රැසක අදත් (16) ඉන්ධන පිරවුම්හල් අසල විශාල දිගු පෝලිම් දක්නට ලැබුණි.

එමෙන් ම ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිකමින් වසා දමා ඇති බවද වාර්තා වි ඇත.

රට තුළ මේ වන විට පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ද ප්‍රධාන වශයෙන් අවධානය හිමිවු තිබුණි.

එමෙන් ම අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතා සඳහා කළේ තවත් දින 02ක පමණ කාලයක් පමණක් රට තුළ මෙම තාවකාලික ඉන්ධන හිඟය පවතින බවයි.

Exit mobile version