අද (17) කොළඹ දී නව සෞඛ්‍ය අමාත්‍යවරයා කෙහෙලිය රඹුක්වැල්ල මහතා රට වසා නොදැමීමට රජය විසින් තීරණය කළේ ඇයි දැයි යන්න පැහැදිලි කරමින් පවසා සිටියේ කොවිඩ් වසංගතයට මුහුණදීමට ඇති ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ජීවත්වීමට උත්සාහ ගැනීම පමණක් බවයි.
ලෝකයේ විවිධ බලවත් රාජ්‍යයන් පවා කොවිඩ් වසංගතය හමුවේ මුල්කාලයේදී රටවල් වසා තැබුවද, පසුකාලීනව රට විවෘත කිරීම තුළ වසංගතයට මුහුණ දීමට එම රටවලට ද සිදු වූ බව එතුමා ප්‍රකාශ කර සිටියේය.
මේ වන විටත් මෙම වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල රජය විසින් ගෙන ඇති බව ද එතුමන් සඳහන් කළේය.