අද (5) දින වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා දන්සැල් රාශියක් පවත්වන අතර ලියාපදිංචි කර ඇති දන්සැල් ප්‍රමාණය හත්දසකට අධික බව මහජන පරීක්ෂක වරුන්ගේ සංගමය සදහන් කර තිබේ
එම සංගමය තවදුරටත් සදහන් කොට ඇත්තේ පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පාචනය රෝගය පැතිරයාමේ අවදානමක් දන්සැල් ආශ්‍රිතව පවතින බවත් ලංකාව පුරා මහජන පරීක්ෂක වරු 3000 ක් පමණ දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතුවල යොදවා ඇති බවයි.
පවතින රෝගී තත්වයන් ගැන මහජනතාව ඉතා සැලකිල්ලෙන් කටයුතු කරණ ලෙස එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














































