මේ පුවත අප උපුටා ගන්නේ සමාජ මාධ්‍යයෙනි. එහි මාතෘකාව අප එලෙසින්ම සටහන් කර තිබේ. “පාදඩයා” යනු සමාජය විනාශය කරන සමාජයටම පිළිකාවක් වූ පුද්ගලයෙකි. එසේම “පාදඩයා” සමාජයට පිලිකාවකි.
මෙය, මාතර සිට මහනුවර බලා දිවෙන දුම්රිය යි. 2022.09.10 දින ගාල්ලෙන් සවස 2.45 ට පිටත් වූ දුම්රිය කළුතර ට එනවිටත් පැයක් ප්‍රමාධ බව කියමින් මගීන්ගේ මැසිවිලිය. මෙය, ඊට එහා කොළඹට යද්දී, කෙසේ වේදැයි මම නොදනිමි.
දුම්රිය මාර්ගයේ ගමන් ගන්නේ දුම්රිය පමණක් වන අතර, එක්දාස් අටසිය ගනන්වල සුද්දන් හදා දුන්න දුම්රිය මාර්ගයේ නිසි වේලාවට, අනුමත වේගයට දුම්රියක් ධාවනය කරගන්නට අදටත් බැරි වූ රටකි, මේක. දුම්රිය ගමන් කරන්නට සංඥා නොමැතිවීම, තවත් කරුණකී.
අද, පොහෝ දින, බෞද්ධ බැතිමතුන් වන්දනාමාන සඳහා කළුතර බෝ සමිඳුන් හා දළදා වහන්සේ වන්දනය කිරීමට යන අතර, මුදල් ගෙවා තෙරපි තෙරපී අවහිර මැද්දේ, දුම්රිය රියදුරු ගේ වේලාවට ගමන් ගන්නා මේ දුම්රියේ රියදුරා මොකෙක්දැයි අසන්නට සිතේ. මෙවැනි දවස්වල අමතර පෙට්ටි කිහිපයක් සවිකල යුතුව ඇතත්, එයද සිදුකර නැත.
මගීන් බස් රථයේ නොගොස්, දුම්රියට නැගී ගමන් යන්නේ, දුම්රිය සේවයට ඕනා හැටියට මගීන්ගේ උපයෝගිතාවයන් වෙනස් හෝ තීරණය කරවා ගන්නට නොව, ගමනේ විඩාව අඩු කරගන්නත්, දුම්රිය පමණක් රේල්ලුවේ ගමන් කරනා බැවින් බසයට වඩා කඩිනමින් දුම්රිය ගමනේ වේගය ඇතැයි යන විශ්වාසයත් මතය. එහෙත්, ලක්ෂ ගණන් වැටුප් ගන්නා දුම්රිය රියදුරන්, මගීන්ගේ ඒ තක්සේරුව අකාමකා දමන්නේ, දුම්රිය වනාහි තම පුද්ගලික රථය යැයි සිතා කටයුතු කරනා නිසාය.
ඇමතියන් හැට හුටහමාරක් සිටින රටේ, ප්‍රවාහනයටද ඇමතිවරයෙක් සිටී. එසේ සිටියත්, උන්ගෙන් රටේ මිනිසුන්ට වන සෙතක් නැත. දෙවන පන්තියට ටිකට්පත් අරගෙන ඒ පෙට්ටි පිරෙන්නට හිටගෙන සෙනග යන්නේ, මේ රටේ පාලකයින්ගේ කණවැන්දුම්, පාදඩ පාලනය නිසාය. තවමත් කාර්‍යක්ෂමතාවය නොදන්නා උන් සිටිනා, මේ සිරි ලංකාව පාදඩයින්ගේ පාරාදීසයකි.
– ගාල්ලේ විමල් ජයසේකර –
2022.09.10 දින දුම්රියේ 2 වන පන්තියේදී හිටගෙන ලීවෙමි….














































