යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ රට වසා තැබූ කාලය තුළදී සිදුකරන්න තිබූ කැප කිරීම් පිළිබඳව රටේ බුද්ධිමත් ජනතාව හොදින් දැනුවත් බවයි.
එමෙන් ම ඔහු සඳහන් කළේ මෙසේ රට විවෘත කිරීමෙන් පසුවත් තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය නොවන ආකාරයට වගකීමෙන් යුතුව කටයුතු කිරීම ද ඉතා වැදගත් බවයි.
එම වගකීම හිතට අරන් බුද්ධිමත් ජනතාවක් ලෙස කටයුතු කළහොත් අපට තවත් කොවිඩ් රැල්ලක් ඇති වීම පාලනය කළ හෑකි බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
අද (25) බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් දක්වා ඇත.