පවතින වත්මන් කොරෝනා අර්බුදය හමුවේ ගමට සන්නිවේදනය වැඩසටහන් ලංකාවේ ප්‍රථම අදියර වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ දුරකථන කුළුණු 35 ක් ඉදිකිරීමට සමාරම්භය තැබුවේ මෙම වසරේ (2021) ජනවාරි 31 දින ය.
නමුත් රටේ පවත්නා වර්තමාන තත්ත්වය හේතු කරගනිමින් උපකරණ හා තාක්ෂනික මෙවලම් ආනයනය කර ගැනීමේ හා ඒ හා සම්බන්ධ ගැටලු රාශියක් උද්ගත වී ඇත.මේ හේතුවෙන් දුරකථන කුළුණු රැසකම ඉදිකිරීම් මේ වනවිට නතර වී ඇති බව වාර්තා වී ඇත.මේ අතරින් කුළුණු රැසකම පළමු අදියරෙහි වැඩ අවසන් වී ඇති නමුත් ඉන් අනතුරුව ඇති ඉදිකිරීම් කටයුතු ප්‍රදේශ රැසකම කුළුණුවල නැවතී ඇති බව වාර්තා වේ.

- වැලිගෙපොල හටංගල විකිරාවිට කුළුන
- වැලිගෙපොල මංවල්ලන්ද කලටුවාකන්ද කුළුණ
- වැලිගෙපොල ගල්පාය කොක්වල කන්ද කුළුණ
- ඇඹිලිපිටිය පනහඩුව කුළුණ
- ඇඹිලිපිටිය කඩමුදුන කුළුණ
- ගොඩකවෙල හල්වින්න කුළුණ
- ගොඩකවෙල මස්ඉඹුල කුළුණ
- රත්නපුර කරවිට කුළුණ
- නිවිතිගල මියනවිට කුළුණ
- බළංගොඩ රජවක ප්‍රදේශයේ කුළුණ
මෙවැනි තත්ත්වයක් පවතින විට දී වුව ද ඇඹිලිපිටිය කාච්චිගල, සූරියවැව ආදී කුළුණු මේ වන විටත් වැඩ නිමකර ජනතා අයිතියට පත්කර ඇති අතර ගොඩකවෙල පින්නකන්ද හා වැලිගෙපොල ඉලුක්කුඹුර ආදී ප්‍රදේශවල ඉදිවෙමින් පවතින සන්නිවේදන කුළුණුවල ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතියි.
ඇතැම් ප්‍රදේශවල කුළුණු ඉදිවීම ප්‍රමාදවීමට බලපා ඇති හේතු ලෙස වත්මන් රජයේ සංවර්ධන ගමන අඩපණ කිරීමේ අදහසින් ඇතැම් පිරිස් විසින් කරන ලද විරෝධයන් , පෙත්සම් ආදිය හා දුරකථන සමාගම් අතර ඇති ස්ථාන බෙදා ගැනීමේ ගැටලු ආදිය පෙන්වා දිය හැකිය.
උදාහරණ ලෙස ගල්පාය කුළුනට දුරකථන සමාගම් 02ක් විසින් ඇති කරගත් ගැටලුව හා හල්වින්න කුළුනට ඇති වූ ස්ථාන අර්බුදය දැක්විය හැකි ය.
මෙම ඇතැම් විරෝධතා සම්බන්ධයෙන් මා ඉහත කී ආකාරයේ අර්බුද මත කුඩාහෝ ජනතාවක් තමන්ගේ ගොඩට ඒකරාශී කරගෙන ස්මතුකරගත් විරෝධතා වන අතර එයින් එම ප්‍රදේශවල විශාල පිරිසකට සන්නිවේදන අවශ්‍යතා ලබා ගැනීමට ප්‍රමාද වීමක් සිදුවෙයි.ඇතැම්විට මෙම කඩාකප්පල් කාරීන්ගේ අරමුණ ද එයම විය හැක.
කෙසේ වෙතත් සධාරණ විරෝධතා ද මතුවීම් තිබූ බවට හොඳම උදාහරණය පනහඩුව රන්මිණිකොත කන්ද මත දුරකථන කුළුණක් ඉදිකරනවාට විරුද්ධව මතු වූ මහජන විරෝධය පෙන්වා දිය හැකිය. එමෙන් ම බඹරගල රක්ෂිතය හි කුළුණක් ඉදිකිරීමට එරෙහිව මතු වූ විරෝධය ද එවැන්නකි.
ඒ අනුව වහාම වත්මන් බලධාරීන් එවැනි ස්ථානවල ආරක්ෂාවට වහා පියවර ගෙන එකී කුළුණු වෙනත් ස්ථානවලට රැගෙන යාමට දුරකථන සමාගම්වලට උපදෙස් ලබා දී ඇත.ඒ අනුව පනහඩුව කුළුන පනහඩුව පන්සල් කන්දේ ද, බඹරගල කුළුණ තිත්තවැල්පත කන්දේ ද ඉදිකළ යුතු බවට යෝජනා වී ඇතැයි දැනගැනීමට ඇත.
කරුණු එසේ තිබිය දී දිස්ත්‍රික්කයේ කුළුණු රැසක ඉදිවීම් ප්‍රමාදවීමෙන් මහජනතාව අපහසුතාවයට පත්වීම වළකාලීමට විදුලි සංදේශන කොමිශන් සභාව සෘජුව මැදිහත් විය යුතු බව ජනතා අදහසයි.TRC අධ්යක්ෂ ජනරාල් ඔෂධ සේනානායක මැති තුමනි, අධ්‍යක්ෂිකා ශ්‍රියානි මාවැල්ලගේ මැතිනියනි, රත්නපුර සන්නිවේදන ගැටලුව මුලුමනින් ම විසඳෙන තුරු ඔබලාගේ අවධානය දුරකථන සමාගම් වෙතට දිගුකල යුතුය. දුරකථන සමාගම්, ප්‍රදේශ ලබාගත්තා සේම එම ප්‍රදේශවල දුරකථන අවශ්‍යතාවය ඔවුන් විසඳන්නේ කෙසේද යන්න ද පසුවිපරුමක සිටිය යුතු නොවේ ද…සැබෑවටම අද එය එසේ සිදුවනවා ද? දිස්ත්‍රික්කයේ ජනතාව විමසති.

වැඩ නැවතී බොහෝ සන්නිවේධන කුළුණු වල තත්වය.