රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළෙහි පිහිටා ඇති බේකරි නිෂ්පාදන අලෙවිසැලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අදාළ කාන්තාව රෝහල්ගත කර ඇති අතර තවත් කිහිපදෙනෙකු සුලු පිලිස්සුම් තුවාල ලබා ඇත.
පොලිසිය සඳහන් කළේ පිපිරීමෙන් වෙළඳසැලකට ද දැඩි හානි සිදුව ඇති බවයි.















































