ඇඳිරි නීතිය කාල පරිච්ඡේදය තුළ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2000 ක දීමනාවක් අද (23) සිට ලබාදීමට නියමිත අතර ,ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (22) දිනයේදී එම දීමනාව ලබා දීමට අදාළ චක්‍රලේඛය ද ආර්ථික මුල් පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කර ඇත.
එම චක්‍රලේඛයට අනුව රු. 2000ක දීමනාවට සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩුආදායම්ලාභී ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් ය.
රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික වැටුපක් ලබන අය මේ සඳහා සුදුසුකම් නොලබයි.
මේ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ හා ග්‍රාමීය කමිටුවේ සහාය ඇතිව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් සුදුසු ක්‍රමවේදයක් යටතේ අදාල දීමනාව ගෙවීමට කටයුතු කරනු ඇත.