ලක්ෂ 300 ක අයිස් තොගයක් වටලයි.

රුපියල් ලක්ෂ 300 කට අධික අයිස් මතද්‍රව්‍ය තොගයක් කල්පිටියෙන් සොයා ගත් බව වාර්තා වේ.

එමෙන්ම සැකකරුවන් හත් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධියට සම්බන්ධ මහ මොළකරු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මන්නාරමේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතරේ ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ද වන බව සදහන්.

Exit mobile version