ලාංකික තරුණ තරුණියන් දහසකට ජපානයෙන් රැකියා

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 1,000ට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ රැකියා අවස්ථා ලබා දීමට එරට රජය එකඟ වී ඇත.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය ඇතුලත ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත අත්සන් කිරීමට නියමිතව ඇත.

මේ බව පවසා ඇත්තේ අද (15) උදෑසන ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතා සූම් තාක්ෂණය ඔස්සේ  සාකච්ඡාවකට සම්බන්ධවෙමිනි.

ඒ අනුව මෙම රැකියා අවස්ථා සඳහා තෝරාගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග එක්වී අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණුවීම් සපුරාගත හැකි බව ද දැනුම් දී ඇත.

Exit mobile version