ලිට්‍රො නව ගෑස් සිලින්ඩරය වෙළඳපොළට

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුව ලිට්‍රො ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇත.

නව ලිට්‍රො ගෑස් සිලින්ඩර සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතින් මුද්‍රාවකින් යුක්තව සකසා ඇත.

මෙමගින් නව ලිට්‍රො ගෑස් සිලින්ඩ හඳුනාගැනීමේ හැකියාව ඇති අතර මිල දී ගැනීමේ දී ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.

Exit mobile version