අභියාචනාධිකරණය, ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම් දීම සඳහා ලිට්‍රො සමාගම වෙත හෙට (15) දිනය තෙක් කල් ලබා දී ඇත.
සිවිල් සංවිධාන ක්‍රියාකාරී නාතානන්ද කොඩිතුවක්කු මහතා විසින් ලිට්‍රො සහ ලාෆ් සමාගම් විසින් මේ වන විටත් වෙළඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර නැවත කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද රිටි පෙත්සම අද (1) දිනයේ කැඳවන ලද අවස්ථාවේ දී අදාළ කල් ලබා දීම සිදුකර ඇත.
රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද (14) කැඳවනු ලැබීය.
එහිදී ගෑස් සිලින්ඩර අන්තර්ගත සංයුතිය සහ එම සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව සහ මේ වන විට වෙළඳපොළ වෙත මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවිමට ඇති හැකියාව පිළිබඳව විනිසුරු මඩුල්ල විසින් විමසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලිට්‍රො සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගෙන් විමසා හෙට දිනයේ කරුණු ඉදිරිපත් කිරීමට කල් ලබාදෙන ලෙසයි.