ලිට්‍රො සහ ලාෆ් සමාගම් වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දී ඇති නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා මෙන් අභියාචනාධිකරණය නියෝග ලබා දී ඇත.
පසුගිය දිනක සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉදිරිපත් කළ පෙත්සමට අදාළව රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් අතුරු නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් ලිට්‍රො සහ ලාෆ් යන සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.
එම නියෝගයට අනුව මේ වන විට වෙළඳපොළ වෙත මුදාහැර ඇති භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වීමටත් ,ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කිරීමටත් අධිකරණය විසින් නියෝග ලබා දී ඇත.