පසුගිය දිනෙක රජය විසින් ගත් තීරණයකට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මත පනවා තිබූ පාලන මිල ඉවත් කෙරිණි.
ඒ අනුව ගෑස් සඳහා ද පනවා තිබූ පාලන මිල ඉවත් කෙරුණු අතර ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා නව මිලක් ඊයේ (10) දිනයේ ඉදිරිපත් කර තිබූ අතර අද නැවතත් එම මිල සංශෝධනය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.75කින් අඩු කිරීමට එම සමාගම තීරණයක් ගෙන ඇත.
එමෙන් ම කිලෝග්‍රෑම් 5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ද රු.30කින් අඩු කර ඇති අතර කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයේ මිල රු.14කින් පහළ දමා ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රු.2,675ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය නව මිල රු.1,071ක් ලෙසත් කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රු.506ක් ලෙසත් සංශෝධණය වී ඇත.