ආසියාවේ රැජින (QUEEN OF ASIA) වශයෙන් නම් කරන ලද ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමුවී ඇත.
මෙලෙස හමු වූ නිල් මාණික්‍යයේ බර කිලෝග්‍රෑම් 310ක් සහ කැරට් 1,550,000කින් යුක්ත වන බවද වාර්තා වී ඇත.
මෙම මැණික රත්නපුර, බටුගෙදර ප්‍රදේශයෙන් හමුව ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කළේ.
එමෙන් ම මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ්.රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් බවත් එය මේ වන විට හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ.