ඊයේ සවස වර්ෂාව ඇදහැලෙන මධ්‍යයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පත්තිරිප්පුව ජාතික පාසල ඉදිරිපිටදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණයක නිරතව ඇත.
එය ශ්‍රි ලංකා ගුරු සංගමයේ මඩකලපුව ශාඛාව සමග එක්ව විසින් සංවිධානය කරන ලද්දක් වන අතර ගුරු – විදුහල්පතිවරුන් සමග එම සංගමයේ සභාපති වන පොන්නතුරේ උදයරුපන් ඇතුළු පිරිසක් ද සහභාගී වී ඇති බවට වාර්තා වේ.
පත්තිරුප්පුව ජාතික පාසල ඉදිරිපිටින් ආරම්භ කරන ලද මෙම උද්ඝෝෂණ රැලිය පත්තිරිප්පුව කලාප කාර්යාලය වෙත ගොස් හඬ අවදි කර ඇත.
ඔවුන්ගේ ඉල්ලීම් වී ඇත්තේ ගුරු – විදුහල්පති වසර 24ක සිට පවතින වැටුප් විශමතාව ඉවත් කරන ලෙසත් ගුරු සේවය අභ්‍යන්තර සේවයක් ලෙස අනුමත කරන සුභබෝදනී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ප්‍රමිතියෙන් යුක්ත අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය කරන සම්පත් ලබාදෙන ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අකුලාගනු, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වැළක්වීම, වැනි ඉල්ලිම් කිහිපයකි.
මෙම ඉල්ලීම් සියල්ල පුවරු මගින් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම රැළිය පවත්වාගෙන ගොස් ඇත.