වසර 50 කට පසු ස්නානය කර දිවියෙන් සමුගත් අමොව් හාජි

වයස අවුරුදු 94 ක් වූ ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලැබූ ඉරාන ජාතික  පුද්ගලයා සිය ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇති ආකාරයට මෙම පුද්ගලයා වසර 50ක් පමණ නෑම හෝ පිරිසිදුවීම සිදු නොකර ඇති බවයි.

ගම්වාසීන්ගේ බලවත් පෙරත්ත කිරීම මත පසුගියදා මොහු ස්නානය කර ඇති අතර ඉන් දින කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

අමොව් හාජි නම් වූ මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ තමා ස්නානය කිරීමට බියක් දක්වන බවයි.

Exit mobile version