වැඩ වර්ජන රැල්ලක ආරම්භය. රෝහල් වලින්ම ජනතාවගේ බඩට තට්ටු කිරීම ආරම්භ කරයි.

අද (09) ශ්‍රී ලංකාවේ රෝහල්වල කනිෂ්ඨ සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙන බැවින් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ලව තිබේ.

රාජ්‍ය සේවකයන්ට බදු ගෙවන ජනතාව, කුස ගින්නේ දුක් විදිමින් සිටියදී මෙම සේවකයන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ඔවුන් ඉල්ලා සිටි. එසේම ලබා ගත් බැංකු ණය සඳහා පොලිය වැඩි කිරීම සහ බහු කාර්ය සේවා සඳහා බදවා ගැනීම නතර කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටි. රිජ්වේ ආර්යා ළමා රෝහල , මහරගම අපේක්ෂා රෝහල ආදී රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවේ. නමුත් කොළඹ ජාතික රෝහලේ හදිසි සේවාවන් ඇතුළු සේවා කිහිපයක බිඳවැටීම් සිදුව තිබෙන බව වාර්තා වේ.

මෙය රාජ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂන රැල්ලක ආරම්භයක් විය හැකිය. සමස්ත රාජ්‍ය සේවයටම මෙම ගැටලුව තිබේ. එසේම දිගටම වැටුප් වැඩි වීම් ඉල්ලමින් රාජ්‍ය සේවකයන් පාරට බැසීම සිදු වුවහොත් සාමාන්‍ය ජනතාවද ඔවුන්ට එරෙහිව නැගී සිටීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ.

Exit mobile version