රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ දෙමාපියන්ගේ හිතුමතේට දරුවන්ට විටමින් C ලබා දීම නුසුදුසු බවයි.එයට හේතුව විටමින් C කොපමණ ලබා දිය යුතු ද යන්න කිසිවෙක් නොදන්නා බැවිනි.
ඔහු පවසන්නේ මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධාකාර බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් බවයි.
ඔහු පැවසුවේ දරුවාට උණ තියෙනවා නම් පමණක් නියමිත මාත්‍රාවෙන් පැරිසිටමෝල් පමණක් ලබාදෙන ලෙසත්,ඊට වඩා යමක් තිබේ නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි.