මේ දිනවල දිවයින පුරා සිදුවන විදුලි බිඳවැටීම් පිටුපස විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ මැදිහත්වීමක් ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය සැක පහළ කරනු ලබයි.
මෙම විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සඳහා බලධාරීන් පියවර ගතයුතු බව ඔවුන් අද (06) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ, ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කළේ ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයන් කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.