විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් සිටින අයට දැන් කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගත් බවට සහතිකය Online ක්‍රමවේදයක් ඔස්සේ ලබා ගැනීමට පහසුකම් මේ වන විට සලසා ඇති බවයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කළේ.
එම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපත් ලබා ගැනීමට https://covid-19.health.gov.lk/certificate/ ලින්ක් එකට පිවිසීමේ හැකියාව ඇත.
ඉන්පසු, ජාතික හැඳුරුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය ,එන්නත් කාඩ් පතේ විස්තර, විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත ඇතුළත් කළ යුතු අතර , එම විස්තර නිවැරදිව ඇතුලත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ PDF පිටපතක් ලබා ගැනීමට ඉල්ලුම්කරුට හැකියාව ලැබේ.
එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීමට ඇති සෞඛ්‍ය කාර්යාල වෙත පුද්ගලිකව යෑමෙන් ඇතිවන අපහසුතා මෙම මාර්ගගත ක්‍රමය මගින් මඟහරවා ගත හැක.