විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතර හමුවක්

විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අතර හමුවක් සිදුව ඇත.

මෙම හමුව විදේශ අමාත්‍යංශයේ පැවති අතර එහිදී දෙරට අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇත.

එමෙන් ම,දෙරට අතර පවත්නා බහුවිධ සහයෝගීතාව සහ මිත්‍රත්වය දෙපාර්ශවයම එහිදී පිළිගෙන ඇති බවද විදේශ අමාත්‍යංශය විසින් සඳහන් කරයි.

දෙරට අතර පවත්නා සබඳතාවය වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාපාර සහ සංචාරක සබඳතා තවදුරටත් තහවුරු කිරීම සඳහා කොළඹ හා පැරිස් අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳ ද මෙහි දී අවධානය යොමුකර ඇති බවයි විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version