වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරයි.

අද (28) උදෑසන පානදුර පින්වත්ත ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා මෝටර් රථයකින් ගමකරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ.

Exit mobile version