වෙඩි තැබීමකින් අට දෙනෙකු රෝහලේ.

අද (01) දින සවස 05.30 ට පමණ කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් අට දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ .

තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72හි නේවාසිකව ප්‍රතිකාර ලබන බව සදහන්.

මෙසේ වෙඩි තබා ඇත්තේ කොළඹ වරායේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර එම තුවාල ලැබූ පිරිස අතරේ කාන්තාවන් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.

වරයේ 06 වන ගේට්ටුව ආසන්නයේ දී වරායේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමගම උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට යාමත් සමග වෙනත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙසේ වෙඩි තබා ඇති බව සදහන් .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version