රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම් සඳහා ප්‍රතිචාරයක් ලැබෙන තුරු ආරම්භ කරන ලද වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහය දැක්වීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ.
වෛද්‍ය නිලධාරීන් විසින්, වාර්ෂික වෛද්‍ය මාරුවීම් ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය පසුගිය 21 වනදා ආරම්භ කරන ලදී.