මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 26% කට මානුෂීය ආධාර අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ප්‍රකාශ කරයි.
එනම් ශ්‍රී ලංකාවේ මිලියන 5.7ක ජනතාවකට මෙම මානුෂීය ආධාරවල අවශ්‍යතාව මේ වන විට පවතියි.
මෙරට පවුල්වලින් 96%ක ප්‍රතිශතයක් මෙම අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බව ද එම සමස්ථ සමීක්ෂණයට අනුව අනාවරණය වී ඇත.
මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය විසින් නිකුත් කල නිවේදනයක සඳහන් කර ඇත.
















































