ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි මහා සභා රැස්වීම අද (20) පෙරවරුවේ ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා තරඟයකින් තොරව තේරී පත් වූ බව වාර්තා වේ.
ඒ අනුව මෙම ධූරය 2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ බලපැවැත්වෙන බවත් , මෙම ධූරය ෂම්මි සිල්වා මහතාගේ 3 වැනි ධූර කාලය බවත් සඳහන්.













































