මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බඹරු ඇවිස්සී කිහිපදෙනෙකු රෝහල් ගත කරයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව අද උදෑසන සිටම බොදු ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන බව වාර්තා වෙයි.
නව වසරට ආශීර්වාද ලබාගැනීම පිණිස මෙසේ බොදු ජනතාව ශ්‍රී දළදා සමිදුන් වන්දනා කරති.
ඒ අතරතුර අද උදෑසන දළදා මාලිගාවේ එක් පසෙක බඹරු ඇවිස්සීම නිසා බැතිමතුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබෙන බවද වාර්තා වේ.
ඒ පිලිබදව අප මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් විමසීමක්ද කරන ලදි. එහිදී අපට දැනගන්නට ලැබුනේ එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කල බවයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව යනු ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලෝක බොදු ජනතාවගේ මුදුන් මල්කඩය. අතීතයේ පටන්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට විවිධ තර්ජන සහ කෙනෙහිලිකම් සිදු වී තිබේ. වර්තමානයේද එසේම සිදු වන නමුත් ඒ සියල්ලම දෙස උපේක්ෂා සහගතව බලා සිටිමින් සැදැහැවතුන් චිත්ත ප්‍රාසාධය දියුණු කිරීම පිණිස තවත් සතවර්ෂ ගණනාවක් වැඩ සිටිණු ඇත.















































