ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහතිම්ය සඳහන් කරන්නේ මෙරට තුළ භූමි කම්පාවක් ඇති වීමට හැකි අවදානම් කලාප නොමැති වුවත් ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන වල බලපෑමෙන් සුනාමි තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතින බවයි.
නමුත් එලෙස සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණදීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවද ඇය පවසා ඇත.
ලංකාවේ දැනට භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථා 04ක් පමණ පිහිටා ඇති බවත් බටහිර පැත්තේ පමණක් භූ කම්පන මධ්‍යස්ථානයක් නැති අඩුව පවතින බවත් ඒ අනුව 05 වන භූ ක්මපන මැනීමේ මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ඉදිකිරීමට පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය මෙම අදහස් දක්වා ඇත්තේ ,පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බස්නාහිර පළාත තුළ භූ කම්පන මැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මේ වන විටත් විශාල මුදලක් යොදවා ඇති බවත් දැනටත් එහි මූලික පියවර ගෙන ඇති බවය.