ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය අදට (10) යෙදී ඇත.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ රට තුළ පවත්නා කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එය සැමරීමට කටයුතු කරන බවයි.
එමෙන් ම යුද හමුදාපතිවරයා සඳහන් කළේ යුද හමුදා 72 වන සංවත්සරයට සමගාමීව හමුදා නිලධාරින් 567 දෙනෙකු සහ සෙසු නිලයන් 10,369 දෙනෙකුට උසස්වීම් ප්‍රධානය කරන බවයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 08 දෙනෙකු මේජර් ධූරයට උසස් කර ඇති අතර ,කර්නල්වරුන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුරට උසස් කෙරේ.
එමෙන් ම ලුතිනන් කර්නල්වරුන් හතළිස් දෙදෙනෙකු කර්නල් තනතුරටත්, මේජර්වරුන් 60දෙනෙකු ලුතිනල් කර්නල් තනතුරටත් උසස් කර ඇති අතර ,කපිතාන්වරුන් 256 දෙනෙකු මේජර් තනතුරට උසස් කර ඇත.
මෙවැනි උසස්වීම් විශාල ප්‍රමාණයක් අද යුද හමුදා සංවත්සරයට සමගාමීව ප්‍රධානය කිරීමට නියමිතව ඇත.