ඊයේ (19) දිනයේ පැවති “මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” තරඟයේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන ගිම්හානි පෙරේරා සමත් වී ඇත.
ඇය තරඟයට එක් වී තිබුණේ බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ය.
මෙම තරඟාවලියේ මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත් වී සිටි බවත් ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරුණු බවත් ඇයගේ පියා ,ඉන්දික පෙරේරා මහතා සඳහන් කර ඇත.
ඒ අනුව 17 වන වියේ පසු වූ ගිම්හානි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයට ඇය සුදුසුකම් ලබන බවයි.
ඇය පවසා ඇත්තේ “මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි” ලෙසය.
එසේම ඇයගේ පියා ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු පවසා ඇත්තේ ඔහු 1990 වර්ෂයේ එරට පදිංචියට ගිය බවය.