විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වාසි ලබා ගැනීමේ අරමුණින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය ලබා නොදෙන බවයි.
නමුත් රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා කොන්දේසි විරහිතව සහය දක්වන බව ඔහු පෙන්වා දී ඇත.
කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා ඇත.
“සිස්ටම් ජේන්ජ් එකක් නෙමෙයි.තිබුණු ජරා ජීර්ණ වූ සිස්ටම් එක තවදුරටත් ක්‍රියාත්මක කිරීම.අපි සූදානම් නෑ මැති ඇමති වරදාන අරගෙන ජනතාවගේ කරපිට බදු බර පටවන්න.හැම ඇමතිවරයෙක්ම නඩත්තු කිරීමට යන මුදල පාවිච්චි කරන්න පුළුවන් මේ රටේ දරුවෝ ජීවත් කරවන්න.බොහෝම පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගයත් ,සමගි ජන සන්ධානයත් පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රගතිශීලී කණ්ඩායම් සියල්ලක්ම මැති ඇමති වරප්‍රසාද ලබාගැනීමේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.හැබැයි රට ගොඩනගන ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළට අපි පාර්ලිමේන්තුවේ තිබෙන කමිටු හරහා සාධනීය සහයෝගයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.”
















































