සයිනොෆාම් එන්නත පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ සයිනොෆාම් එන්නත තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ කොරෝනා වෛරසයට එරෙහිව ටී සෛල ප්‍රතිචාරය අඛණ්ඩව පවතින බවයි.
කල්යත්ම සියලුම වයස් කාණ්ඩයන් සඳහා සයිනොෆාම් එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ චන්දිම ජීවන්දර මහතා පෙන්වා දුන්නේ.
සයිනොෆාම් එන්නතෙහි ප්‍රතිදේහ ජනනය සහ ටී සෛල ප්‍රතිචාරය පිළිබඳව ඔවුන් පවත්වන ලද අධ්‍යයනයකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළ අතර සයිනොෆාම් දෙවන එන්නත් මාත්‍රාව ලබා දී සති 12කට අනතුරුව ද කොවිඩ් වෛරසය ආගන්තුක දේහයක් ලෙස සලකා ටී සෛල මඟින් ප්‍රතිචාර දැක්වීම ඒ අයුරින්ම පවතින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
එමෙන්ම පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන්ගේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ ජනනය වීමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවත්, ප්‍රතිශක්තිකරණය දුර්වලවීම හමුවේ රෝහල්ගත කිරීම සහ රෝගය බරපතල තත්ත්වයට පත්වීම පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවත්ය.