පසුගියදා මෙරට කාන්තාවක් සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ අතර ඊයේ (19) දින ඇයගේ දේහය දිවයිනට රැගෙන එන ලදී.
පසුව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර මෙම මරණය උසකින් වැටීම නිසා සිරුරට සහ හිසට සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බව වාර්තා වේ.
අනතුරුව අදාළ කාන්තාවගේ මළ සිරුර අද (20) පස්වරුවේ පවුලේ අය හට භාර දී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ දංකොටුව , මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.














































