සියලුම විශ්වවිද්‍යාල සිසුන් එළඹෙන 07 සහ 08 යන දෙදින තුල දී එන්නත්කරණයට ලක් කිරීමට සැලසුම් කර ඇති බව විශ්ව විද්‍යාල කොමිෂන් සභාව පවසයි.ඒ අනුව සරසවි සිසුන් තමන්ට ආසන්නතම විශ්වවිද්‍යාලයට ගෙන්වා එන්නත් ලබාදීමට කටයුතු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
සියලුම සිසුන් එන්නත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආරම්භය පිළිබඳව තීරණයක් ගන්නා බවයි විශ්ව විද්‍යාල කොමිෂන් සභාව සඳහන් කරන්නේ.