ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ඒ රාජ්ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශ ලබා දීම සඳහාය.
ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන්ගෙන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 08ක කාලයක් ප්රශ්න කර ඇති අතර හෙට (16) දිනයේ දීද තවදුරටත් ප්රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට පෙර ද අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබූ නමුත් එතුමා ඒ හමුවට පැමිණ නොමැත.