සුරතල් බල්ලන් ඇති කිරීමට බොහෝ අය කැමතියි එසේ බල්ලෙක් ඇතිදැඩි කිරීමේ වාසි බොහෝමයක් ඇත.
පර්යේෂකයන් පිරිසක් විසින් 2019 වර්ෂයේ දී ඇමෙරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු රටවල්, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියේ මිලියන 04ක ජනතාවක් තෝරාගෙන පර්යේෂණයක් කර ඇත.
මෙම පරීක්ෂණය තුළින් අනාවරණය වී ඇත්තේ මෙලෙස සුරතලයට බල්ලන් ඇතිකරන පිරිසට හදිසි මරණ සිදු වන ප්‍රතිශතය අඩු බවය.එය 24%ක් ලෙස සඳහන්ය.
හෘද රෝගයක් හෝ ආඝාතය වැනි රෝගයක් ඇති අයෙකුට මෙලෙස සුරතයට බල්ලෙක් ඇතිකිරීම සෞඛ්‍යට යහපත් ය.
එවිට පුද්ගලයෙක් හෘදයාබාධයකින් මියයාමට ඇති හැකියාව 31% කින් අඩු වන බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත.
ඇතැමුන් මෙම පරීක්ෂණය විවෙිචනය කරනු ලබයි.එයට හේතුව එම පර්යේෂණය සඳහා අනෙකුත් රෝගී තත්වයන් සමාජ සහ ආර්ථික කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බව පවසමිනි.