ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්.ගුණරත්න මහත්මිය පැවසා සිටියේ , ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බවයි.
කෙසේ නමුත්, විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ සුරාසැල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බවයි.
“සුරාසැල් ඉදිරියේ සෙනග ගොඩක් එකතුවී මත්පැන් අරගෙන යෑමට පොරකන දර්ශන ගොඩක් අපිට දකින්නට ලැබුණා.ඉතින් මේක ධනාත්මක සාධකයක් ලෙස අපි කොහෙත්ම දකින්නේ නැහැ.අපි හිතනවා මේකෙන් වෙන හානිය වැඩියි.අපිට පාසල් ඉක්මනින් අරින්නට පුළුවන් වන හැකියාව තව දීර්ඝ වෙන්නට පුළුවන්, සංචාරක සේවාව පටන්ගැනීමේ හැකියාව තව ප්‍රමාද වෙන්නට පුළුවන් මේක ඉතාමත් ඍණාත්මක ආකාරයට තමයි මේ රෝගය පාලනය කිරීමට බලපාන්නේ.ඉතින් අපි හිතනවා රජය මේ ගැන සැලකිලිමත්ව කල්පනාකරල බලයි කියලා.”
මේ අතර එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා සඳහන් කළේ දෛනික රැකියාවන්හි නිරතව සිටින පිරිස ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක සුරාසැල් විවෘතකිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවයි.