“සොබාදමින් නිරෝගිසුව” යන තේමාව කැටි කරගනිමින් දේශීය ප්‍රතිශක්ති වර්ධන කඳවුරක් සිංහල වෛද්‍ය කේන්ද්‍රය, ස්වදේශීය ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇත.
නොවැම්බර් මස 05 වනදා එනම් හෙට දිනයේ පෙ.ව.10.00 සිට ප.ව.3.00 දක්වා කාලය පුරාවට මහනුවර බූවැලිකඩ ලේවැල්ල හන්දිය ,ශ්‍රී වර්ධනාරාම විහාරස්ථාන පින්වත් පුදබිමේ දී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව දේශීය වෛද්‍යවරුන් විසින් සහතික කරන ලද ප්‍රතිශක්තිය තහවුරු කරන සහතිකයක් ද මෙහිදී ලබා ගැනීමේ හැකියාව ඇත.
දේශීය දේ අගයමින් ප්‍රතිශක්තිකරණය තවදුරටත් වර්ධනය කරගැනීමට මේ සඳහා සහභාගී වන ලෙස සියලුදෙනාට ඇරයුම් කර සිටින අතරම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව ඒ සඳහා සම්බන්ධ වන ලෙසට ද කාරුණිකව ඉල්ලා සිටිමු.