ඊයේ (06) දිනයේ දී අඛණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් ඇත.
ඊයේ (06) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යා 617ක් ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර ඔවුන් සියලුදෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් වේ.
දෛනික ආසාදිතයින් මෙන් ම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ද මේ වන විට යළිත් ඉහළ යමින් පවතියි.
මේ නිසා සෞඛ්‍ය අංශ නැවත නැවතත් අවධාරණය කරන්නේ සංචරණය තමන් විසින්ම සිමා කරගනිමින් මහහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලින් ඈත් වී සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපදින ලෙසයි.