සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ, අගෝස්තු මස 31 වන දා තෙක් බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාව ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් වන අතර, රැකියා සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටතට යාම මීට අදාළ නොවේ.
සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පූර්ණයෙන් වසා තැබේ. සුපිරි වෙළඳසැල් තුළ එක්වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණි.
සති 02ක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.
කායවර්ධන මධ්‍යස්ථාන හා ගෘහස්ථ ක්රීඩාගාර අද සිට වසා දැමේ.
ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීඡ් පාර්ටි හා වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.
පිිිිිිිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.
හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණි.