බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරනු ලබන සෞඛ්‍ය නිලධාරියෙක් එම රෝහලේම 04වන මහලෙන් වැටී අනතුරක් සිදුව ඇත.
ඔහු ECG අංශයේ නිලධාරියෙකු ලෙස එම රෝහලේ සේවය කරන බවයි වාර්තාවන්නේ.
එම රෝහල කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සකස් කරන අවස්ථාවේ දී තාවකාලිකව වසාදමා තිබූ කවුලුවකින් වැටී මොහු මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇත.