පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ , ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ ගෑස් ,කිරිපිටි ආදී භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සිදුවිය හැකි බවයි.
අද (21) උදෑසන කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – SHOP අලෙවිසල විවෘත කෙරුණු අතර එයට සහභාගී වෙමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.