හිටපු කොටි සාමාජිකයකු වන තංගවේලු නිමලන් නම් නැමැත්තෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවීතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇති බව වාර්තාවේ.
ඔහුට එල්ලවී ඇති චෝදනා වනුයේ 2009 වසරේ රත්මලාන ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය සහ පිස්තෝල 2 ක් ඔහු සන්තකයේ තබාගැනීම වේ.
එම කරුණු මුල් කර ගනිමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුට එරෙහි චෝදනා, පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.














































