අද (08) දිනයේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් විසින් කොවිඩ් සහන දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව පෙරවරු 7 සිට දහවල් 12:30 දක්වා වන පැය පහක පමණ කාලයක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා ඇත.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මේ වන විට සෞඛ්‍ය සේවකයින් 14 දෙනෙකු පමණ ජීවිත පූජා කර ඇති බවත් ඔවුන් වෙනුවෙන් කිසිදු වන්දියක් හෝ ගෙවීමට මේ වන තෙක් කටයුතු කර නොමැති බවත් මෙවැනි කාරණා කිහිපයක් පදනම් කරගනිමින් මෙම විරෝධතාවය පවත්වන බවත්ය.